AB Mauri Lanka සමාගම දේශීය බේකරිකරුවන් සඳහා නව ග්‍රෑම් 500 ප්‍රයිම් ක්ෂණික වියළි ඊස්ට් නිෂ්පාදනය හඳුන්වා දෙයි

ab mauri lanka | prime instant dry yeast

AB Mauri Lanka සමාගම ශ්‍රී ලාංකීය බේකරි ක්ෂේත්‍රය කෙරෙහි දක්වන කැපවීම ශක්තිමත් කරමින්, සිය නව ප්‍රයිම් ක්ෂණික වියළි ඊස්ට් (prime instant dry yeast) ග්‍රෑම් 500 පැකට්ටුව හඳුන්වා දෙයි. එම සමාගම මෙලෙස නව නිෂ්පාදන හඳුන්වා දීමෙන් දිවයින පුරා බේකරි ක්ෂේත්‍රයේ නියැලී සිටින අය උදෙසා ප්‍රායෝගික, විශ්වාසදායක සහ උසස් තත්ත්වයේ විසඳුම් ලබා දීමට සමාගම දරන උත්සාහය පිළිබිඹු කරයි.

රටවල් 52 කට අධික සංඛ්‍යාවක් තුල ක්‍රියාත්මක වන ගෝලීය AB Mauri ජාලයට අයත් AB Mauri Lanka සමාගම , දේශීය බේකරි ප්‍රජාවට නිරන්තරයෙන්ම උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය සහ තාක්ෂණික සහාය ලබා දෙමින් ශක්තිමත් දේශීය පැවැත්මක් ස්ථාපිත කර ඇත.

මෙම නිෂ්පාදනය මධ්‍යම පරිමාණ සහ ගෘහස්ථ බේකරි අවශ්‍යතා සපුරාලයි. එය ගබඩා කිරීමට, මැනීමට සහ භාවිතා කිරීමට පහසු වන පරිදි නිපදවා ඇති අතර, ස්ථාවර ප්‍රතිඵල ලබා ගැනීමට උපකාරී වේ .
ප්‍රයිම් යීස්ට්, ස්වභාවික උක් මොලැසස් භාවිතා කර උසස් තත්ත්ව පාලන ප්‍රමිතීන් යටතේ නිපදවනු ලැබේ, එය විශිෂ්ට පැසවීමේ ක්‍රියාකාරිත්වයක් ලබා දෙන අතර, බේකරිකරුවන්ට පුළුල් පරාසයක විශ්වාසදායක ප්‍රතිඵල ලබා දෙයි. මෙය පාන් සහ බනිස් වල සිට විශේෂිත වට්ටෝරු දක්වා වූ සෑම බේකරි නිෂ්පාදනයක් සඳහාම වඩාත් සුදුසුවේ.

මෙම නිෂ්පාදනය හඳුන්වා දීම පිළිබඳව AB Mauri Lanka සමාගම පවසා සිටියේ “ දේශීය බේකරිකරුවන් මුහුණ දෙන දෛනික අභියෝග තේරුම් ගෙන ඔවුන්ට පහසු සහ විශ්වසනීයත්වය ලබා දෙන උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය ලබා දීම අපගේ අරමුණ වන බවයි.”

AB Mauri Lanka සමාගම උසස් තත්ත්වයේ නිෂ්පාදන හඳුන්වා දීම පමණක් නොව තාක්ෂණික සහාය ද ලබා දෙන අතර ගනුදෙනුකරුවන් සමඟ සමීපව සම්බන්ධ වෙමින් පුහුණු සැසි හරහා නිවැරදිව සහ ඵලදායී ලෙස අමුද්‍රව්‍ය භාවිතා කිරීමට අවශ්‍ය දැනුම ලබා දෙයි .

ගෝලීය නිෂ්පාදන ප්‍රමිතීන් දේශීය වෙළඳපල අවශ්‍යතාවලට ගැලපෙන පරිදි ඒකාබද්ධ කර ශ්‍රී ලාංකික බේකරිකරුවන් බල ගැන්වීම සහ ඔවුන්ගේ ගනුදෙනුකරුවන්ට විශ්වාසයෙන් සේවය කිරීමට උපකාරී වන විසඳුම් ලබා දීම කෙරෙහි සමාගම නිරන්තරයෙන්ම සිය අවධානය යොමු කරයි.

Share this article